දිවිනැගුම යටතේ ලැබුණු කිකිළියක් සම්මතයට එරෙහි වෙමින් අමුතුම හැඩයේ බිත්තරයක් දැමූ පුවතක් කොස්ගොඩ වතුරවෙල ප්‍රදේශයේ නිවසකින් වාර්තාවේ.
කොස්ගොඩල වතුරවෙල පදිංචි පුෂ්පා ගුණතුංග මහත්මිය ඇති කළ කිකිළියක් මෙසේ බතල ගෙඩියක හැඩයෙන් යුතු බිත්තරක් දමා තිබේ.
මේ කිකිළිය ප්‍රථම වරට පෙරේදා (14දා) දැමූ බිත්තරය පළලින් සෙන්ටි මීටර් දෙකක් වන අතර, සෙන්ටි මීටර් අටක් පමණ දිගටිය. බිත්තරය හැඩයෙන් කුඩා බතල අලයක් වැනිය.
දිවිනැගුම යටතේ තමන්ට මෙම කිකිළිය මාස පහකට පෙර රජයෙන් ලැබුණු බවත්, මෙම කිකිළිය ඉන් පසුව දමා ඇති බිත්තරය සාමාන්‍ය හැඩති බිත්තරයක් බවත් පුෂ්පා මහත්මිය පැවසුවාය.
චතුරිකා ජයරත්න