දිවිනැගුම 5 වැනි අදියර යටතේ සමාරම්භක උත්සවය සනිටුහන් කරමින් සෑම නිවසක් සඳහාම මිටි මුරුංගා පැළයක් ලබාදීමට කටයුතු කළ බවත්, 6 වැනි අදියරේදී කතුරු මුරුංගා පැළය බැගින් ලබාදීමට කටයුතු කරන බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.
අදියර 05ක් යටතේ ක්‍රියාත්මක කෙරණු දිවිනැගුම වැඩසටහන සාර්ථකව කරගැනීම සඳහා කෘෂිකර්ම ක්ෂේත්රයේ නිලධාරීන්ගෙන් ලැබුණු සහාය ඉතා ඉහළ බවත්, දිවිනැගුම 6 වැනි අදියර සාර්ථක කර ගැනීම සඳහාද ඔවුන්ගෙන් එවැනිම සහායක් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දිවිනැගුම 6 වැනි අදියර ක්‍රියාත්මක කිරීමේදී පළාත්, දිස්ත්‍රික් සහ දෙපාර්තමේන්තුවල කෘෂිකර්ම අධ්‍යක්ෂකවරු, ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්රයේ නිලධාරින්ගේ කාර්ය භාරය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා පසුගියදා බත්තරමුල්ල ගොවිජන සේවා මන්දිරයේදි පැවති වැඩසටහනක් අමතමිනි.
දිවිනැගුම වැඩසටහනේ ඉතා අත්‍යවශ්‍ය අංශය වන්නේ කෘෂිකර්ම අංශය බව පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දිවිනැගුම 6 වැනි අදියර යටතේ ප්‍රතිලාභීන් හට බීජ වර්ග 07න් යුත් බීජ කට්ටලය ලක්ෂ 25ක් හා පැළ වර්ග 04න් යුත් පැළ 09ක් බැගින් වශයෙන් පැළ වර්ග ලක්ෂ 126ක් ලබා මෙවර කටයුතු යොදා ඇති බවයි.