දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල පැ.කි.මී.60-70 පමණ දක්වා විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අගෝස්තු මස 13 වැනිදා (අද) දහවල් 12.00 සිට ඉදිරි පැය 24 දක්වා වූ තද සුළ පිළිබඳ කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මෙම අනතුරු ඇඟවීම සිදුකරයි.
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 60-70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවද පෙන්වා දෙයි.
දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශවලද සුළං වේගය විටෙක පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශද විටින් විට තරමක් රළු විය හැකි බවද පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස දන්වා සිටියි.