වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් සහ සුළං ප්රවාහයේ අභිසාරී බව හේතුවෙන් අද දිනයේදී දිවයින අශ්‍රිතව වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ උතුරු , නැගෙනහිර, උතුරු-මැද, දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ක පමණ) ඇතිවීමට ඉඩ ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවද දෙපාර්තමේන්තුව කියයි.
මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල ඊසාන දිග මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී.50 පමණ අගයක් දක්වා වැඩි විය හැක අතර, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද පෙන්වා දෙයි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.