ලංකා හොස්පිටල් සමාගමේ කොටස් නිකුත් කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා වලට අදාළව දිලිත් ජයවීර, නාලක ගොඩහේවා හා වරුණි අමුණුගම යන අය 2008 වසරේ සිට 2015 වසර දක්වා කොටස් වෙළදපළේ සිදුකළ ගණුදෙනු පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (2දා) සුරකුම්පත් හා විනිමය කොමිසන් සභාවට නියෝග කළේය.