දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා තේරීමේදී අනෙකුත් නිකායන් හැර අස්ගිරි මල්වතු දෙපාර්ශ්වයට පමණක් ඡන්ද අයිතිය හිමිකරදීම සාධාරණ නොවන බවත්, එලෙස විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට එකඟ නොවන බවත් ශ්යාමෝපාලිකවංශික මහා නිකායේ පාර්ශ්ව 06ක් සහ අමරපුර, රාමඤ්ඤ නිකායන්හි මහනායක හිමිවරු පවසති.
එමෙන්ම බෞද්ධ හා විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීමට අදාළව තම නිකායන් ඉදිරිපත් කළ කිසිදු සංශෝධනයක් මේසඳහා ඇතුළත් නොකර ඇති බවද උන්වහස්සේලා පෙන්වාදෙති.
එබැවින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත විහාර දේවාලගම් පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ශ්යාමෝපාලිකවංශික මහා නිකායේ පාර්ශ්ව 06 ක් සහ අමරපුර, රාමඤ්ඤ නිකායන්හි මහා නායක හිමිවරුන් විසින් ‘ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.