මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ ඉදිරි වසර 10 සඳහා අභිනව දියවඩන නිලමේවරයෙකු තෝරා ගැනීමට පවත්වනු ලබන නිලවරණය මහනුවර මල(ර්)බාර් වීදියේ පිහිටි සෙංකඩගල එක්සත් බෞද්ධ මන්දිරයේදී අද (08 දා) ප.ව. 1.30ට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අධීක්ෂණය යටතේ පැවැත්වීමට නියමිතය.
දළදා මාලිගාවේ විසිතුන්වැනි දියවඩන නිලමේවරයා තෝරාගැනීමට පැවැත්වෙන මෙම නිලවරණයට විසිවරක් දියවඩන නිලමේ ධුරය දරා ඇති නෙරංජන් ප්රියදර්ශන දුහුල්ලෑව විජයරත්න, වැඩබලන දියවඩන නිලමේ නිලංග දෑල , නාථ දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද, පිටිසර දේවාල හිටපු බස්නායක නිලමේවරයෙකු වන සුදන්ත සේනානායක මහත්වරු ඉදිරිපත්ව සිටිති.
මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභා නියෝජිත හිමිවරුන් සහ උඩරට රාජධානියට අයත් රාජමහා විහාරයන්හි විහාරාධිපති හිමිවරු 159ක්ද එම රාජධානියට අයත් දිස්ත්රික්ක 16ක ප්රාදේශීය ලේකම්වරු 120ක් ඇතුළු 301 කු මෙවර නිලවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා සිටිති.