අවුරුදු 08 ක් වයසැති සිය දියණියට ලිංගික අතවර කොට ඇප පිට මුදා හැරුණු හලාවත පියෙකු ධීවරයෙකු ලෙසින් වෙස්වලා සිටියදී කිලිනොච්චිය පලෙයි ප්රදේශයේදී පලෙයි පොලීසිය විසින් අද (24දා) අත්අඩංගුවට ගෙන ඇත.
හලාවත මුතුපන්තිය ප්රදේශයේ පදිංචිව සිටි සිය අට හැවිරිදි දියණියට ලිංගික අතවර කලේ යැයි සැක පිට හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන හලාවත මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කල සැකකරු වන මෙම පියා ඇප පිට මුද හැරීමෙන් පසුව කිලිනොච්චිය පලෙයි ප්රදේශයේ ධීවරයෙකු වශයෙන් වෙස් වලාගෙන ධීවර වෙළඳාම කරමින් සිටියදී පලෙයි පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත.
හලාවත මහේස්ත්රාත් අධිකරණයෙන් ඇප පිට මුදා හැරුනු මෙම සැකකාර පියාගේ ඊළඟ නඩු වාරයන් සඳහා පෙනී නොසිටිමින් හොර රහසේ පලෙයි ප්රදේශයට පැමිණ ධීවර වෙළඳාමේ යෙදී තිබේ.