ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව හා ගුවන් හමුදාව එක්ව සංවිධානය කරන 'දියකාවා' ඒකාබද්ධ යුද අභ්‍යාසය සැප්තැම්බර් 02 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2500 කට අධික පිරිසකගේ හා විදේශ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය සඳහා සහභාගිවන්නන් හා නීරීක්ෂකයන් වශයෙන් සහභාගි වන රටවල් 06 ක් මේ වනවිට ඔවුන්ගේ පැමිණීම තහවුරු කොට ඇත.
ත්‍රිකුණාමලයේ විශාල කැලෑ ප්‍රදේශයක් ආවරණය වන පරිදි සිදුකෙරෙන මෙම යුද අභ්‍යාසය මගින් විශේෂ මෙහෙයුම් ශක්‍යතා වර්ධනය කෙරෙන අතර, එය සෑම මට්ටමකින්ම සටන් සූදානමක් පවත්වාගැනීමට සහාය වනු ඇත.