ශ්‍රී ලංකා යුද හමුදාව මගින් වාර්ෂිකව සංවිධානය කරන ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වන දියකාවා යුද අභ්‍යාසයේ හත්වැනි අදියර නැගෙනහිර වෙරළ තීරයේ කෝකිලායිහිදී ආරම්භ කළ බව යුද හමුදාව පවසයි. මේ සඳහා විදේශීය හමුදා සාමාජිකයන් 58 දෙනෙක්ද යුද, නාවික ගුවන් හමුදා නිලධාරීන් සහ සෙබළුන් 3458 ක් සහභාගි වූහ.
මෙවර 2016 දියකාවා හත්වැනි අදියර සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් කමාන්ඩෝ සහ විශේෂ බලකා සෙබළුන් විශාල පිරිසක් සහිතව පාබල සෙබළුන් 2500ක්,නාවික හමුදාව නියෝජනය කරමින් 638ක් සහ සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් 506 දෙනෙකු සහභාගි වන අතර බංගලාදේශය, චීනය, ඉන්දියාව, ජපානය, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ එක්සත් රාජධානිය යන රටවල් නියෝජනය කරමින් 58 දෙනෙකු අභ්‍යාසයට සහභාගි වීමට මෙන්ම නිරීක්ෂණ මට්ටමින්ද සහභාගි වේ.