පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල හා වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්‍රියාත්මක පානීය ජල ව්‍යාපෘතිවල ආසනික් හා කැඩ්මියම් අඩංගු බවට ජල සම්පත් මණ්ඩලය මගින් නිකුත් කළ වාර්තාවකින් හෙළිවී ඇත.
ජල සම්පත් මණ්ඩලයේ රසායන හා ක්ෂේත්‍ර ජීවීන් සඳහා රසායනාගාරය මගින් නිකුත් කර ඇති මෙම වාර්තාව අනුව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිඹුරත්තදව, නිකමතලන්ද, ජයපුර, නවමිල්ලාන, නවගහඇල, වෙහෙරගම, කැකුළු වෙල, ජයමුතුගම, අලුත් ඔය, මලියදේවපුර යන ජල ව්‍යාපෘතිද වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සඳුන්පිටිය, මුතුවැල්ල, කඩවතමඩුව, රුහුණුකෙත, ඇතුගල, කුඩාපොකුණ, සිංහපුර යන ගම්මානවල ජල ව්‍යාපෘතිවලද මෙම ආසනික් හා කැඩ්මියම් තත්ත්වය ඇතිබවට වාර්තා වේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ වකුගඩු රෝගය බහුලවම වාර්තා වන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 02ක් වන වැලිකන්ද හා දිඹුලාගල යන කොට්ඨාසවල ජනතාවගේ ජීවිත මේ අනුව අවදානමක ඇතැයි මෙයින් තහවුරු වී ඇත.
මෙම ජල මූලාශවල කැඩ්මියම් 0.03 (PPb) සහ උපරිමය 0.07 (PPb) අගයකින්ද ආසනික් 1.38 (PPb) හා 2.62 (PPb) අගයන්ගෙන්ද පවතින බවට මෙම වාර්තාව නිකුත් කළ ජල සම්පත් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ රසායන විද්‍යාඥ ඩී.වී.කේ. විජේකෝන් මහතා පෙන්වා දී ඇත. මෙම තත්ත්වය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා මෙම කොට්ඨාසවල ගොවි ජනතාව වකුගඩු රෝගයෙන් බේරාගැනීම බලධාරීන්ගේ වගකීම බව ප්‍ර‘දේශවාසීහු පෙන්වා දෙති.