ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඇඟිල්ලක ආබාධයකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඊයේ (02දා) පැවැති පුහුණු සැසියකදී පිතිකරණයේ යෙදෙමින් සිටින විට දිමුත් ආබාධයකට ලක්ව ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වෙයි.
ඔහු අද දිනයේදී වෛද්‍යවරු හමුවේ පෙනී සිටීමට නියමිත අතර එහිදී ඔහු නැවත ක්‍රීඩා කරන කාලසීමාව පිළිබඳ සලකා බැලෙනු ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.