විපක්ෂයට බලය ලබා ගැනීමට නොහැකි වීම නිසා අධිරාජ්‍යවාදීන් සමග එක්ව දිනාගත් රට ආපස්සට හැරවීමට උත්සාහ කළත්, මේ රට තුළ සිටින සහ විදේශ රටවල සිටින කිසිම ජගතෙකුට මේ රට ආපස්සට හැරවීමට ඉඩ ලබා නොදෙන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මැයි දින රැලියට එක්වෙමින් මේ බව සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සියලුම දෙනාගේ මහන්සියෙන් ත්රස්තවාදීන්ගෙන් බේරාගත් මේ රට විපක්ෂයේ උවමනා එපාකම් වෙනුවෙන් යොදා ගැනීමට ඉඩ ලබා නොදෙන බවත්, ත්රස්තවාදීන්ගෙන් මුදාගත් මේ රට ලස්සන කිරීමට ජනාධිපතිවරයා වශයෙන් තමා සැමවිටම කටයුතු කරන බවද රාජපක්ෂ මහතා පවසා සිටියේය.
රට ලස්සන කිරීමේදී මුලින්ම මේ රටේ වැඩ කරන ජනතාවට ජීවත්වීමට අවශ්‍ය ආර්ථිකයක් සකස් කර දෙමින් යන බවත්, නගරයක් නගරයක් පාසා ලස්සන කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ අනුව රටේ ලස්සනම නගරය අද වනවිට කොළඹ නගරය බවට පත්වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.