දින සියයේ වැඩපිළිවෙළ අවසන් කර මැතිවරණයකට පැමිණෙන බවත් එම කටයුතු සියල්ල අප්‍රේල් 23 වැනිදාට පෙර ඉටුකිරීමට උපරිම උත්සාහ කරන බවත් සමාජ සේවා අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය. මැතිවරණය සමයේ ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන තෙක් ජනතාව බලා සිටින බවත් මහ මැතිවරණයක් පැවැත්වීමද ජනතාවට ලබාදුන් පොරොන්දුවක් බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.