ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව විවාදයට ගනු ලබන ලබන 30, 31 සහ 01 දිනවලදී කළුපටි පැලඳ පාර්ලිමේන්තුව තුළ විරෝධය පළ කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
එම දින තුනේදී විවාදයක් පැවැත්වුවද ආණ්ඩුවේ ව්‍යවස්ථා ක්‍රියාවලියට ඉන් බලපෑමක් නොවනු ඇති බවත්, මහජන මුදල් වැය කිරීමක් පමණක් එම විවාදයේදී සිදුවනු ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.
ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සමහර පක්ෂ නායකයන් පෙන්වා දී ඇත්තේ එදින විවාදයක් පැවැත්වීමෙන් සිදුවනුයේ මහජන මුදල් අපතේ යෑමක් පමණක් බවයි.
විවාදයක් පැවැත්වුවහොත් ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියේ අනතුර රටට පෙන්විය හැකි බවද තවත් පක්ෂ නායකයන් පෙන්වාදී තිබේ.
විවාදයට සහභාගි වීමට පෙර සංකේතාත්මක වශයෙන් විරෝධය පළ කළ යුතු බවට සියලු දෙනාගේ එකඟත්වය ලැබී ඇති බවත්, අවශ්‍ය වුවහොත් සභාව මැදට පැමිණ විරෝධය පළ කළ යුතු බවටද සාකච්ඡා වී ඇතැයිද වාර්තා වේ.