දින 68 ආගමික උපවාසයක නිරතවූ දැරියක් ජීවිතක්ෂයට
දින 68ක කාලයක් නිරාහාරව සිටිමින් ආගමික උපවාසයක නිරත 13 හැවිරිදි ඉන්දීය ගැහැණු දරුවෙකුගේ මරණය සම්බන්ධයෙන් එරට පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.
දකුණුදිග හයිද්‍රාබාද් නගරයේ ජීවත් වී ඇති ආරාධනා සම්දාරියා නමැති මෙම දැරියට මෙම උපවාසය සිදුකරන ලෙස ඇගේ දෙමවුපියන් විසින් යම් බලකිරීමක් සිදුකළේද යන්න මෙම පරීක්ෂණයන්ට බඳුන් වී තිබේ.
තමන් දියණියට කිසිදු ආකාරයේ බලකිරීමක් සිදුනොකළ බවත්, ලෝකයේ ඩවාත් පැරණි දහමක් වන ජෛන ආගම අදහන සිය දියණිය තමා විසින්ම උපවාසය සිදුකළ බවත් දෙමවුපියන් පොලීසියට පවසා තිබුණි.
කෙසේ වෙතත්, ඉන්දියාව තුළ තවමත් සිදුවන ආහාර නොගෙන සිටීමේ ආගමික උපවාස සම්බන්ධයෙන් මෙම මරණයත් සමග දැඩි ආන්දෝලනයක් ඇතිව තිබෙන බව එරට මාධ්‍ය පවසයි.
පොලිස් වාර්තාවන්ට අනුව ආරාධනා දැරිය පසුගිය දින 68ක කාලය දක්වාම ආහාරයක් ලෙස ගෙන තිබුණේ උණුකර නිවාගත් ජලය පමණි. කෙසේ වෙතත්, ඇය මෙම උපවාසය අත්හැර දින දෙකකින් පසුව ඇය ජීවිතක්ෂයට පත්ව තිබුණි.
විශේෂඥ වාර්තාවන්ට අනුව කිසිදු ආහාරයක් නොමැතිව මිනිස් සිරුරක් මාස දෙකක කාලයක් නොනැසී පවත්වා ගැනීමට හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

