බස්නාහිර පළාත තුළ පසුගිය ජුනි 18 වන දින සිට ගෙවී ගිය දින 45 ක කාලයක් තුළදී සිදු කළ මෙහෙයුම්වලින් අවිධිමත් ලෙස කැළිකසළ බැහැර කළ පුද්ගලයන් 4545ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය හා හමුදාව එක්ව සිදු කළ මෙහෙයුම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. මෙම සියලුම දෙනා අදාළ බල ප්රදේශවල අධිකරණ වෙත ඉදිරිපත් කරමින් තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම අත්අඩංගුවට ගැනීම්වලදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ගම්පහ ප්රදේශයෙනි. එම සංඛාව 834කි.