දින සියයේ වැඩසටහනේ තවත් පොරොන්දුවක් ඉටු කරමින් ගැබිණි මවුවරුන් සඳහා රුපියල් 20,000 ක පෝෂණ දීමනාව ලබාදීමට නව රජය අද (21දා) කටයුතු කළේය.
එහි ජාතික වැඩසටහන පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදි ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කළේය.
මෙහිදී අදහස් දැක් වූ මෛත්රිපාල සිරිසේන මහතා කියා සිටියේ උතුරු ප්රදේශය හා කදුකරයෙන් මන්ද පෝෂණයෙන් පෙළෙන ගැබිණි මවුවරුන් වැඩි වශයෙන් වාර්තා වන බවත් එම තත්වයෙන් ජනතාව මුදාවා ගැනීමට රජයේ වගකීම බවත්ය.
මෙම අවස්ථාවට අග්රාමාත්ය රනිල් වික්රම. ළමා හා කාන්තා කටයුතු ඇමතිනී රෝසි සේනානායක ඇතුළු පිරිසක් එක වූහ.