දින 100 වැඩසටහනේ සියලු තොරතුරු, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියට (www.pmm.gov.lk) ඇතුළත් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය දන්වයි. එහි වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය නිරීක්ෂණය කරමින්, ඒ සම්බන්ධයෙන් මහජනතාවට තම අදහස් දැක්විය හැකි බවද එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සියලු මහජන අදහස් අධ්යක්ෂ ජනරාල්, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල, කොළඹ 01 යන ලිපිනයට තැපැල් මගින්ද, 100dayfeedback@pmm.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය මගින්ද යොමුකළ හැකි අතර, 0112477988 දරන දුරකථන අංකයද මහජන අදහස් සඳහා විවෘත බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් දන්වා සිටියි.