ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණයේදි දුන් දින 100 අලුත් රටක් ප්‍රතිපත්ති ප්රකාශනය අනුව අද දිනයේදී යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා අනෙකුත් පුරවැසි සංවිධානවන නියෝජනත්වයෙන් යුතු ජාතික උපදේශක කාරක සභාව පත්කිරීමට නියමිතය.
ඊයේ දිනයේදී නව රජයේ කැබිනට් මණ්ඩලය පත්කිරීමට නියමිතව තිබුණත් එය ඉටු නොවීය. කෙසේ වෙතත් අද දිනයේදී කැබිනට් මණ්ඩලය පත්කොට දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
දින 100 මීළඟ කරණ වන්නේ 19දා පාර්ලිමේන්තුව කැඳවිමයි.