රජයේ දින 100 වැඩ සටහන හා එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට අග්‍රාමාත්‍ය කාර්යාලය සැලසුම් කර තිබේ.
දින 100 වැඩසටහන සඳහා ජනතා සහභාගීත්වය ලබාගෙන එය ඵලදායිව, කාර්යක්ෂමව, විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම මෙහි අදහස බවද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ඒ පිළිබඳව වන විවේචන, යෝජනා, චෝදනා,
අධ්යක්ෂ ජනරාල්, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල, ජනාධිපති මාවත, කොළඹ 01 ලිපියනට [email protected]'.lk යන විද්‍යුත් ලිපිනයට හෝ 011-2477915 යන දුරකතන අංකයට දැනුම්දෙන ලෙසද අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.