වතු කම්කරුවන් වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස බලකරමින් වතුකරය පුරා වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය පිටු පස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ආරුමුගම් තොණ්ඩමන් මහතා සිටිනබවකම්කරුජාතිකසංගමයේසභාපතිහාකඳුරටනව ගම්මානයටිතල පහසුකම් හාප්රජා සංවර්ධන අමාත්යපලනිදිගම්බරම් මහතාකියයි.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද (02දා) පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් දැනුවත්කිරීමසඳහාහැටන්ඩී.කේ.ඩබ්ලිව් සංස්කෘතිකශාලාවේ පැවතිජනහමුවකදීය.
“සමහර වෘත්තීය සමිති ඒක පිටිපස්සේ ඉන්නවා. ඒ මොකද කියලා බැලුවොත් ඇමතිකම් ගන්න තමයි එහෙම කරන්නේ. මේ ජනතාව නිසා තමයි මම ඇමති වෙලා ඉන්නේ. මෙම ජනතාව නිසා තමයි මම අද පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා ඉන්නේ. ඒ නිසා ජනතාව කරන ඕනම දෙයකට මම ජනතාව එක්ක ඉන්නවා.”