දික්වැල්ල, නාවරහේන හංදිය අසළදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයකුට නාදුනන පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.
අද (03දා) අලුයම මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර දික්වැල්ලේ පදිංචි අවුරුදු 48ක්වූ විල්සන් වික්රමරත්න යන පුද්ගලයෙකු මෙසේ මරණයට පත්ව ඇත.
අවමගුලකට ගොස් නිවසට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලීසිය පවසයි.