ලෝක දෑත් සේදීමේ දිනය වන අද (15දා) දිනයේ ඊට එක්වෙමින් වැඩිම පිරිසක් එකම ස්ථානයකදී දෑත් සෝදමින් ගිනස් වාර්තාවක් පිහිටුවීමට ශ්රී ලංකාව සමත් වී තිබේ.
ලයිෆ්බෝයි විසින් සංවිධානය කළ මෙම දෑත් සේදීමේ අවස්ථාව මතුගම දොඩංගොඩදී පැවැත්වී තිබේ.
වැඩිම පිරිසක් එකම ස්ථානයකදී දෑත් සෝදමින් මීට පෙර ලෝක වාර්තාවක් පිහිටුවා තිබී ඇත්තේ චීනය විසිනි. මෙම ලෝක වාර්තාව පිහිටුවීම සඳහා පැය පහකට වඩා අධික කාලයක් ගතවී ඇති අතර, ගිනස් ලෝක වාර්තා පොත නියෝජනය කරමින් ජැක් බ්රොක්බෑන්ක්ද මෙම වාර්තාව සහතික කිරීම සඳහා එම අවස්ථාවට සහභාගි වී තිබේ.