දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණු විශ්වවිද්‍යාලය තුළ පවත්වන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් අද (29දා) සවස විශ්වවිද්‍යාලය ඉදිරිපිට ටයර් පුළුස්සා ආරම්භ කළ උද්ඝෝෂණයක් හේතුවෙන් එම ප්‍රදේශය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
දැයට කිරුළ ප්‍රදර්ශනය විශ්වවිද්‍යාලය තුළ නොපවත්වන්නැයි ඉල්ලා මහා ශිෂ්‍ය සංගමය ඒ අවට ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර්, බැනර්, කටවුට් හා කළුකොඩි සියල්ල උද්ඝෝෂණය කළ ප්‍රදේශවාසීන් විසින් ගලවා දමා ගිනිතැබීමටද විරෝධතා කරුවෝ කටයුතු කළහ.
මාතර සෙව්වන්දි පත්තුවේ ආරච්චි/ එච්.ඊ.එ. ප්‍රසාද්