පෙර ශ්රී ලාංකික පුරවැසියන් සඳහා ද්විත්ව පුරවැසි සහතික ප්රදානය හෙට (17දා) පෙරවරුවේදී අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය. ජනපති මෛත්රීපාල සිරිසේන හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් සහතික පත් ප්රදානය පැවැත්වීමට නියමිතය.
1000කට අධික පිරිසක් මෙහිදී ද්විත්ව පුරවැසි සහතික ලබා ගැනීමට නියමිතය. අගාමන විගමන පාලක ජනරාල් නිහාල් රූපසිංහ මහතා මීට ඉහතදී සඳහන් අදට පැවැසුවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා 9000කට ආසන්න පිරිසක් අයදුම්පත්ර යොමුකර තිබූ බවයි.