මහනුවර ශ්‍රී දළදා මාළිගාව මඟින් බෞද්ධ රූපවාහිනි නාලිකාවක් ආරම්භ කිරීම සඳහා මේ වන විට අවශ්‍ය සියළු කටයුතු සුදානම් කර ඇතැයි දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර මහතා පැවසීය.
ලබන වසරේ මුල් භාගයේදී පමණ මෙම රූපවාහිනි නාලිකාව ඇරඹෙන බව ශ්‍රී දළදා මාළිගාවේ පැවති සාකච්ඡාවකදි පවසා තිබේ.
එමගින් බුදු දහම බෞද්ධ උරුමයන් හා රටේ ඉතිහාසය පිළිබඳ පුළුල් දැනුමක් ලබාදීමට කටයුතු කිරීම එහි අරමුණ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.