මුස්ලිම් ජනතාවට එරෙහිව කරන ප්‍රචණ්ඩකාරී ක්‍රියා නවත්වන ලෙසට ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් ශ්‍රී ලංකාවේ හා මියන්මාරයේ බෞද්ධ ජනතාවට පවසති.
උන්වහන්සේගේ 79 වැනි උපන්දිනය වෙනුවෙන් සිය අනුගාමිකයන් අමතා කරනු ලැබූ කතාවකදී මේ බව ප්‍රකාශ කොට තිබේ. දලයි ලාමා තුමාගේ 79 වැනි උපන්දිනය ඊයේ (06දාට) යෙදී තිබුණි.
“මේ රටවල් වල සිටින බෞද්ධ ජනතාවට මම කියන්නේ එවැනි අපරාධයක් කරන්න කලින් බුදුන්ගේ රුව මවාගන්නා ලෙසයි” යනුවෙන් උන්වහන්සේ පැවසූහ.
සී.එන්.එන්. ඇසුරෙනි