"මම ඌවෙ ප්‍රධාන ඇමති. මම ඉන්නෙ රජ ගෙදර. ඌව පළාත පාලනය කරපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා හිටපු නිවසේ තමයි මම ඉන්නෙ. මගේ දරුවා බදුල්ල රජගෙදර ඉඳලා උදේට යන්නෙ දෙමෝදර ගමේ තියෙන නාවුල්ල මහා විද්‍යාලයට." යැයි ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ බදුල්ල විහාරමහා විද්‍යලයේ විදුහල්පතිනිය උපේන්ද්‍රා නයනකුමාරි මහත්මිය වෙනුවෙන් පැවති ගුරුප්රතිභා සම්මාන උලෙළට සහභාගි වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"මම ගියේ නාවුල මහා විද්‍යාලයට. මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතා මගේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. මම පළාත් සභා මන්ත්‍රී කාලේ මට විදුහල්පතිවරයා ඇවිත් කතා කළා පාසලේ ගුරුවරු ඇවිත් කතා කළා මේ විදුහල තව ටික දවසකින් වැහෙනවා, මොකක්ද අපි ගන්න තීන්දුව කියලා. මම කිවුවා ගන්න තියෙන එකම තීන්දුව මගේ දරුවා පළමු ශ්‍රේණියට ඇතුළත් කරන එක කියලා.
මගේ දරුවා ඒ පාසලට ගියොත් අනිත් අය ලැජ්ජාවට හරි තමන්ගේ දරුවෝ ඒ පාසලට දායි. දැන් මගේ දරුවා මේ පාසලට යනවා මේ සැරේ. මම ගත්ත තීන්දුව නිසා ඇල්ල කොට්ඨාසයේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් ඒ පාසලේ තමයි. ළමයි විසි පහක් ඉදිරිපත්වෙලා දහතුන්දෙනෙක් ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා තියෙනවා." යැයි පවසා සිටියේය.