කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කැලෑවක සිඟිති දැරුවෙකු අතරමං කර ගිය බවට අධිකරණය හමුවේ වරද පිළිගත් තරුණ කාන්තාවකට මාස 08ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් කැබිතිගොල්ලෑව දිසා මහේස්ත්‍රාත් ආර්.එම්.එස්. මහේන්ද්‍ර රාජා මහතා නියම කළේය.
සිර දඬුවම් නියම වූයේ හඳගල පාර, කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිකාරියක් වන මහේෂිකා දිල්හානි පියසේන යන අයටයි.
සිද්ධියට සම්බන්ධ සැකකාරිය අධිකරණය හමුවේ වරද පිළිගත්තේය.