තමාගේ දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දුන් බව කියන කාන්තාවක් අත්අංඩංගුවට ගත් බව වරකාපොළ පොලීසිය පවසයි. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරකට අනුව වරකාපොළ දොරවක ප්‍රදේශයේ කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය එම ස්ථානයට යන විටත් සැකකාර කාන්තාව දරුවන්ට පහරදෙමින් සිටි බව වරකාපොළ පොලීසියේ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති යසන්ති කුමාරි මහත්මිය පැවසුවාය.
අවුරුදු එකයි මාස හතරක් පමණ වන දරුවෙකුට සැකකාර කාන්තාව පහරදෙමින් සිටි ඇති අතර, පසුව දරුවා මෙන්ම අත්අඩංගුවට ගත් කාන්තාව පොලීසියට රැගෙන විත් තිබේ. කාන්තාවගේ ස්වාමිපුරුෂයා මීට ඉහතදී මිය ගොස් තිබේ. පොලිසීය එම ස්ථානයට යන විට අනෙක් දරුවා නිවසේ නොසිට ඇත. අත්අඩගුවට ගත් කාන්තාව පවසා ඇත්තේ තමාට මානසික රෝගයක් පවතින බවත් එය උත්සන්න වූ විට මෙවැනි දේ සිදුවන බවත්ය.
ඒ පිළිබඳව වෛද්‍ය වාර්තාද ඉදිරිපත් කර තිබේ. සැකකාර කාන්තාව අද (04දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.