පසොලොස්වක පොහෝ දිනයේ තම දරුවන් තිදෙනා සමග කළුතර බෝධිය අභියස රථ වාහනවලට හා මහජනතාවට අවහිර වන අන්දමින් සිඟමන් යැදීමේ චෝදනාවට වරද පිළිගත් 38 හැවිරිදි කාන්තාවකට රුපියල් 20ක දඩයක් නියම කළ කළුතර ප්රධාන මහේස්ත්රාත් උදේෂ් රණතුංගම මහතා දරුවන් පරිවාස භාරයේ ළමා නිවාසවල රඳවා තබන ලෙස නියම කළේය.
මෙම කාන්තාවගේ 9 හැවිරිදි දියණිය බණ්ඩාරගම ප්ර‘දේශයේ පාසලක ඉගෙනුම ලබන බවත් ආර්ථික අපහසුතා නිසා නිවාඩු දිනවලදී සිඟමන් යදින බවත් ඇය ප්රකාශ කළ බව දකුණු කළුතර පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂ සවින්ද අමරසේකර මහතා අධිකරණයට වාර්තා කර තිබුණි.
කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණ ආරියරත්න මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කළුතර - සුනිල් එස්. තන්ත්රිආරච්චි,අලුත්ගම - සරත් සිරිවර්ධන