ස්වාමියාගේ අනියම් සබඳතාවයෙන් සිත් තැවුලට පත්වු කාන්තාවක් තම දරු දෙදෙනා සමග දුම්රියට පැන දිවි නසා ගැනීමට යාමේදී ප්රදේශවාසින් විසින් බේරාගෙන ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
ඊයේ (22දා) උදැසන පමණ නාවලපිටිය සිට මහනුවර දෙසට ධාවනය වු දුම්රියට මහනුවර සුදුහුම්පල ප්රදේශයේදී තම දරුවන් දෙදෙනා සමග පැනිමට උත්සහ කර අතර ඇය සමග පැමිණි වැඩිමහල් දියණිය මවගේ අත ගසා දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. දුම්රිය රියදුරු දුම්රිය සිමින් ධවානය කිරිම නිසා ප්රදේශ වාසින් පැන අනික් දරුවා සහ මෙම කාන්තාව දුම්රිය මාර්ගයෙන් ඉවතට ගැනිමට කටයුතු කර තිබුණි.