රටේ අනාගතය බාරගන්නා දරුවන්ට සහජීවනය සහ සංවර්ධනය පිරි රටක් නිර්මාණය කිරීම බලය හිමි සහ අහිමි සියලු දෙනාටම පැවරෙන වගකීමක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලෝක ළමා දිනය නිමිතිකරගනිමින් බියගම ප්‍රදේශයේ අඩු අදායම්ලාභී පවුල්වල ඉගෙනුම ලබන දූ දරුවන් වෙත විජය උදාන වැඩසටහන මගින් මාපිය කැපකරු ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ අවස්ථාවට පසුගියදා(01දා) බියගම කනිෂ්ඨ විද්‍යාලයේදී සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රණවිරුවන් දිනාදුන් රට යළි අස්ථාවර කිරීමට කිසිවෙකුටත් ඉඩනොදෙන බවත්, යුදමය ගැටුම්වලදී දරුවන් බරපතළ පීඩාවට ලක්වන බවත් සඳහන් කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා දශක තුනක් මෙරට පැවැති ත්‍රස්තවාදය හේතුවෙන් උතුරේත්, දකුණේත් දහස් සංඛ්‍යාත දරුවන් පිරිසක් පීඩාවට ලක්වූ බවද සඳහන් කළේය.