සිය දරු දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී තමන්ද තියුණු ආයුධයෙන් තුවාල සිදුකරගත් බව කියන 30 හැවිරිදි කාන්තාවක රෝහල ගත කර සිටියදීම ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කළ බව මඩොල්සිම පොලීසිය පවසයි.
මඩොල්සිම ඌව කැලේ වත්තේ පදිංචි මෙම සැකකාරිය රාත්රි කාලයේ තම තුරුලේ නිදාසිටි මාස 3 ක් වයසැති පුතාට වයස අවුරුදු දෙකහමාරක් වන දියණියට මෙලෙස තුවාල සිදුකර සිටියදී අසල්වැසියන් විසින් මඩොල්සිම පොලීසියට දැනුම් දුන් බවද පොලීසිය සඳහන් කරයි.
බදුල්ල මහ රෝහලේ දැනට ප්රතිකාර ලබන දරු දෙදෙනාගේ හා සැකකාරියගේ උදර ප්රදේශයේ කැපුම් තුවාල ඇතත් තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
සැකකාරියගේ සැමියා කොළඹ පුද්ගලික ආයතනයක රැකියාව කරන බවද විමර්ශනවලදී අනාවරණයවූ බව පොලීසිය පවසයි.