2002 වසරේදී මිලේනියම් සිටි සිදුවිම මෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා වර්තමානයේ බුද්ධි අංශය පාවාදෙන බව වයඹ පළාත් මහඅමාත්ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
එසේම 2002 වසරේදි සිදුවී මිලේනියම් සිටි සිදුවීමෙන් පසු එක්සත් ජාතික පාක්ෂීකයන්ට ගමකට යාමට බැරිවූ බවත් නැවත වරක් එක්සත් ජාතික පාක්ෂිකයින්ට ගමට යාමට බැරි තත්ත්වයක් මංගල සමරවීර මහතා උදාකර ඇති බවත් දයාසිරි මහඇමතිවරයා පවසය
"ආණ්ඩුවක් එක්ක රණ්ඩු තියනවනම් ඒක වෙනම බලාගමු.අපි මේවට ඉඩ තියන්නේ නෑ." යැයි ඔහු වැඩිදුරටත් පවසයි. අද (28දා) හෙට්ටිපොල ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ ජනහමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළේය.