යාපනය - මහනුවර (ඒ - 9) ප්රධාන මාර්ගය හා ත්රිකුණාමලය කොළඹ (ඒ - 6) මාර්ගය හරස් කර දඹුලු ලොකු ලූනු ගොවියෝ අද (25දා) උද්ඝෝෂණයක නිරත වූහ.
ඔවුන්ගේ ඉල්ලීම් වනුයේ ලොකු ලූනු කිලෝවක් සඳහා රු. 100 ක සහතිකමිලක් ලබාදෙන ලෙසත්, විදේශයෙන් ආනයනය කළ ලොකු ලූනු දෙසැම්බර් දක්වා ගෙන්වීම නැවැත්වීම සහ ආනයනික ලොකු ලූනු දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීම තහනම් කරන ලෙසත්ය.