විසල් දඹුල්ල සංවර්ධන ව්‍යාපෘති යටතේ ඉදිකර ඇති ප්‍රධාන ජල නළ පද්ධතිය දිනපතාම කැඩීයාම නිසා විශාල ජල ප්‍රමාණයක් අපතේ යමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
අද (27දා) දිනයේදීත් අවස්ථා කිහිපයකදීම ජලය අපතේ යෑම සිදු වූ අතර, කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ජලාශ හන්දිය ප්‍රදේශයේදී ජල නලයක් කැඩි අඩි තිහක පමණ විශාල ජල කඳක් ඉහළට විදිමින් ප්‍රධාන මාර්ගයද අවහිර කරමින් පැයක පමණ කාලයක් ගලා ගියේය.
ජල කඳත් සමග විශාල ගල්කැබලිද ඉහළට විසි වී රථ වාහනවලට පවා පතිත විය. මේ හේතුව නිසා වාහන ගමනා ගමනයට පවා බාධා එල්ලවිය.
විසල් දඹුල්ල සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කළ දා සිට මේ වනතුරු ජල පාරිභෝගිකයන්ට දඹුල්ල ජල යෝජනා ක්‍රමය යටතේ ජලය බිඳුවක් හෝ ලබාදීමට නොහැකි වී ඇති බවත්, දිනපතාම මේ ආකාරයෙන් නඩත්තු කටයුතු සිදුකරමින් විශාල මුදල් කන්දරාවක් මෙන්ම විශාල ජල ප්‍රමාණයක්ද අපතේ හරිමින් සිටින බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති .