ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (20දා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති එක්දින ජාත්‍යන්තර තරගය අතරතුර තුර බීමත්ව නරඹන්නන්ව අපහසුතාවයට ලක්කරමින් අශෝභණ ලෙස හැසිරුණු පුද්ගලයන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලීසිය පවසයි.
රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණය සකස් කිරීමේදී දඹුල්ල රජමහා විහාරය සමග එළැඹි ගිවිසුම් ප්‍රකාරව දඹුල්ල ජාත්‍යංතර ක්‍රිඩාංගණය මත්ද්‍රව්‍ය මුක්ත කලාපයක් ලෙසින් පවත්වාගෙන යෑම සිදුවිය.
ආරක්ෂක පියවරක් ලෙසින් කිසිදු මත්ද්‍රව්‍යයක් ක්‍රිඩාංගණය ඇතුළට ගෙනයෑමට නොහැකි ලෙසින් ආරක්සාව තරකිරීමද එහිදී සිදුකර තිබුණි. මෙම ආරක්ෂක ක්‍රමවේදයන්ගෙන් මිදීම පිණිස ක්රිඩාංණයෙන් පිටදී මත්ද්‍රව්‍ය භාවිතා කර පැමිණි පිරිස් අතරින් සිවුදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ක්‍රිකට් කරගයේ පළමු ඉනිම වූ ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙන අවස්ථාවේ සවස 5.30ට පමණ මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මහින්ද උදයසිරි රත්නායක