දඹුල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට මින් ඉදිරියට සහභාගි නොවීමට තමන් තීරණය කළ බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී (එජාප) තිස්ස බණ්ඩාර හේරත් මහතා ඊයේ (07දා) පැවසීය.
ජනතාවගේ ප්‍රශ්න, ගැටලු හා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳ වචනයට පමණක් සීමා වී සංවර්ධන කමිටුව නිරපරාදේ කාලය හා රජයේ මුදල් වියදම් කිරීම පමණක් සිදුකරන බැවින් තමන් මෙම තීරණය ගත් බව හෙතෙම පවසා සිටියේය.
රජයේ නිලධාරීන්ද එහි නායකත්වය ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම පැහැරහැර වගකීමක් නොමැතිව සිටින බවත්, එකම න්‍යාය පත්‍රයක් තබාගෙන සාකච්ඡා කර පැමිණීම පමණක් සිදුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
දඹුල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ ජනතාව විසින් පත්කරන ලද පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු එජාපයෙන් සහ විපක්ෂයෙන් සිටියද, පක්ෂ දෙකෙහි ආසන සංවිධායකවරුන් දෙදෙනා සභාපතිවරුන් ලෙස පත්කර සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ඔවුන් විසින් ගනු ලබන තීන්දු, තීරණ රජයේ නිලධාරීන් ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් දැකගත හැකි බවත්, එබැවින් ඉදිරියට තමන් සංවර්ධනය වචනයට පමණක් සීමාවන කමිටුවට සහභාගි නොවීමට තීරණය කළ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.