දඹුල්ල පන්නම්පිටිය ප්රදේශයේ පිහිටි විදේශීය රටවලට කුළුබඩු අපනයනය කරන කර්මාන්ත ශාලාවක විෂ වායුවක් ආග්රහණය වීමෙන් ඊයේ රාත්රියේදී එහි සේවය කරමින් සිටි සේවිකාවක හා සේවකයකු මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල පන්නම්පිටිය ප්රදේශයේ පදිංචි මධුෂාන් ජයවර්ධන නමැති (19) තරුණයෙකු සහ දඹුල්ල ඇඹුල්අඹේ ප්රදේශයේ පදිංචි එච්. එම්. ජී. නිරෝෂා දිල්රුක්ෂි (30) නමැති එක්දරු මවකි.
මෙම කර්මාන්ත ශාලාවේ දේශීය කුළුබඩු ඇඹරුම් කොට විදේශීය රටවලට අපනයනය කිරීමේ ක්රියාවලිය සිදුවෙමින් පවතින බවත්, දිවා කාලයේ මෙන්ම රාත්රී කාලයේද යන්ත්රානුසාරයෙන් කුළුබඩු ඇඹරුම් කිරීම, පැකට් කිරීම ආදිය සිදුවෙන බවත් පොලීසිය කියයි.
ඊයේ රාත්රි 9.30 ට පමණ ආහාර රසකාරකයක් වන සේර නැමති අල වර්ගයක් පිටි කරමින් සිටියදී එකවරම මෙම සේවිකාව සහ සේවකයා ක්ලාන්ත වී ඇද වැටී තිබේ. පසුව ඔවුන් රාත්රියේම දඹුල්ල රෝහලට රැගෙන එන විටත් මියගොස් තිබූ බව රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේය .