‘එළුග තමිල්’ නොහොත් ‘දමිල ජනතාවනි නැගිටිව්’ මහා විරෝධතාව යාපනයේ ස්ථාන දෙකකින් විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් ඊයේ (25දා) ආරම්භ විය. යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිටින් හා යාපනය සරසවිය ඉදිරිපිටින් විරෝධතා පෙළපාළි ආරම්භ වීය.
අද උදෑසන සිට යාපනයේ සියලුම වෙළඳ සැල් වසා වෙළෙන්ඳන්ද මෙම විරෝධතාවට සහය පළ කර සිටියි. යාපනයේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද බස් ධාවනයෙන් ඉවත් වී විරෝධතාවයට සහය දැක්වයි.
උතුරුමහ ඇමති සී.වී.විග්නේස්වරන් මහතාගේ ප්රධානත්වයෙන් යුත් දෙමළ ජනතා සභාව මිගින් මෙම එළුග තමිල් විරෝධතා වැඩසටහන සංවිධානය කර ඇත.