ශ්‍රී ලකාවේ දමිල ජනයාගේ සුබ සාධනය පිළිබඳව සොයා බැලූ එකම ඉන්දීය පක්ෂය වර්තමාන පාලක පක්ෂය වන කොංග්රස් පක්ෂය බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයෙක් වන ජී.කේ. වාසන් පවසයි. අනෙකුත් ඉන්දීය දේශපාලන පක්ෂ දමිල ජනයාගේ ගැටලු පිළිබඳව කතා කිරීම පමණක් සිදුකළ බවත් ඔහු පවසයි.
ශ්‍රී ලංකාව තුළ දමිල ජනතාව නැවත පදිංචි කිරීම සඳහා කොංග්රස් පක්ෂය විශාල කාර්යයක් ඉටුකළ බවත් මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව සිය ඡන්දය භාවිත කළේ නම් එයින් ශ්‍රී ලංකාවේ දමිල ජනතාවට ගැටළුවකට පත්වීමට අවස්ථාවක් තිබූ බවත් හෙතෙම පැවැසීය.
'ද හින්දු' ඇසුරෙනි