කොළඹ ප්රදේශයේ පාසල් දෙකකට ළමුන් ඇතුළත් කර දෙන බවට පවසමින් රුපියල් 913,000 මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාළව ලැබුණු පැමිණිල්ලක් මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.
පී.එල් ගුණසිරි අල්විස් නැමති මෙම සැකකරු අංක 11සී/1, වෙහෙරකන්ද පාර, බැද්දගාන, කෝට්ටේ හා අංක 12, හමුදා නිලධාරී නිවාස, ඇහැලගහවත්ත පාර, තුම්බෝවිල,පිළියන්දල යන ලිපිනයන්හි පදිංචිව සිට ඇති බවද පොලීසිය පවසයි.
මොහු සම්බන්ධ තොරතුරු වෙතොත්, හෝමාගම පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ 011 2 893 477 දුරකථන අංකයට හෝ 011 2 895 667 යන ෆැක්ස් අංකයට තොරතුරු දන්වා සිටින මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.