දණ්ඩ නීති සංග්‍රහයේ සහ අපරාධ නඩු විභාග සංග්‍රහයේ සිදු කිරීමට නියමිතව තිබූ සංශෝධන තවදුරටත් සිදු නොකරන බව රජය දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා අද (12දා) පාර්ලිමේන්තුවට දැන්වීය.
අදාළ පනත් සම්බන්ධයෙන් රජය ගෙන ඇති මෙම තීරණය පිළිබඳව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ලද දැනුම්දීම මත එකී පනත් කෙටුම්පත් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් ඉවත් කරගෙන ඇතැයිද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබේ.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර තිබේ.