දඩබ්බරව නොවී මානුෂිකව බලන්න
දින තුනක් තිස්සේ තම රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය උඩුමහලේ රැඳීසිටින සේවකයන්ගේ ප්රශ්නය දෙස දඩබ්බර ලෙස නොබලා මානුෂිකව විසඳන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවෙන් අද (05දා) ඉල්ලීමක් කළේය.
එම සේවකයන් උද්ඝෝෂණය සිදුකරන ස්ථානයට ගිය වීරවංශ මහතා ඔවුන්ට අවශ්‍ය ආහාරපාන ආදිය ලබාදීමටද කටයුතු කළේය.
“දේශපාලන වශයෙන් පටු විදිහට හිතන්නැතිව මේ පිරිසට මාස ගණනක් තිස්සේ නියැළුණු රැකියාව සුරක්ෂිත කරදෙන්න කියා අපි ඉල්ලා සිටින්නේ මෙතන ගැබිනි මවුවරුන් පවා සිටින නිසා. ඒ නිසා ඔවුන්ගේ ප්රශ්නය දෙස සානුකම්පිතව නොබැලුවොත් මොනවගේ තත්ත්වයක් උදාවේවිද කියා කියන්න බැහැ. ඊයේත් (04දා) මේ පිරිස ගිනි කාෂ්ටක අව්වේ පිච්චි පිචිචි, මහවැස්සෙ තෙමි තෙමී මේ ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ රැඳී සිට තිබෙනවා. ඒ නිසා මේ ප්රශ්නය දෙස දඩබ්බරව බලන්නැතිව මානුෂික ලෙස බලන්න කියා ඉල්ලා සිටිනවා” යනුවෙන්ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඡායාරූපය - ඒෂාන් ප්‍රනාන්දු
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

