දකුණු පළාතේ අධ්‍යාපන කලාප 08ක ප්‍රාථමික අංශ 24, 25 සහ 28 යන තෙදින තුළත් වසා දැමීමට තීරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්ර මහතා පවසයි.
මීට පෙර 22 හා 23 දින වසා දැමූ අධ්‍යාපන කලාප 06ට අමතරව තවත් අධ්‍යාපන කලාප 02ක පාසල් වසා දැමීමට තීරණය කර ඇත. ඒ අනුව ගාල්ල, මාතර, මුලටියන, අකුරැස්ස, තංගල්ල, වලස්මුල්ල, උඩුගම, මොරවක යන අධ්‍යාපන කලාපවල පාසල්වල ප්‍රාථමික අංශ මෙසේ වසා දැමීමට තීරණය කළ බව හෙතෙම පැවසීය.
එමෙන්ම ජුනි මස 04 දින දක්වා දකුණේ සියලු පෙරපාසල්ද වසා දැමීමට තීරණය කළ බවත් සෞඛ්‍ය අංශය මගින් ලැබුණූ උපදෙස් අනුව මෙම තීරණ ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්