දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී. උපුල් හා දකුණු පළාත් සභා මන්ත්‍රි අජිත් රාජපක්ෂ යන අය විසින් හෙට (15දා) පැවැත්වීමට නියමිත විරෝධතාවකට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඔවුන්ට තංගල්ල නරගයෙදී මාතර කතරගම හා තංගල්ල බෙලිඅත්ත මාර්ග අවහිර කරමින් විරෝධතා පැවැත්වීම තහනම් කර තිබේ.
මහජනතාවගේ ජන ජීවිතයට බලපෑමක් සිදුවීමට ඉඩ ඇති නිසාත්, මෙම සිද්ධීන් සඳහා කිසිඳු සම්බන්ධයක් නොමැති සාමාන්‍ය ජනතාව හා විශේෂයෙන් රෝගීන්, ළමුන් ආදීන්ට සිදුවන දැඩි හිරිහැරයද සළකා බලමින් මාර්ගයන් අවහිර නොවන අයුරින් උද්ඝෝෂණ පවත්වන ලෙසද තංගල්ල අධිකරණය නියෝගයෙන් පවසා ඇත.