දකුණු පළාත් සභාවේ ක්‍රීඩා, යෞවන කටයුතු හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කර එම විෂයයන් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාට පවරා තිබේ.
දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා අද (13දා) මෙම තීරනය ගෙන තිබේ. ඒ අනුව හිස්වූ අමාත්‍යධුරයට දකුණු පළාත් මහ අමාත්‍ය ෂාන් විජයලාල්ද සිල්වා මහතා අද ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධව වීරසුමන වීරසිංහ මහතා ඡන්දය භාවිතා කළේය.