විශාල එළියක් විහිදුවාගෙන ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයට ගමන් ගත්තේ විශාල උල්කාශ්මියක් විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ ඒකකයේ ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
මෙම ආලෝකය නෙළුව, තවලම, හක්මන, දෙනියාය වැනි ප්‍රදේශවල ජනතාව විසින් දැක ඇති අතර බොහෝ දෙනකුගේ මතය වන්නේ උල්කාපාතයක් කඩා වැටෙන්නට ඇති බවයි.
ගාල්ල ,හබරාදුව, පිටබැද්දර,අකුරැස්ස ප්රදේශවලටද මෙම ශබ්දය ඇසුණු බව වාර්තාවෙතත් සිද්ධියක් දුටු කෙනෙක් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැතැයි ප්‍රදේශවාසීහු කියති.
කොලඹ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ඉතා වේගයෙන් ගමන්ගන්නා ආලෝකයක් පමණක් දැක ඇති අතර ආලෝකය සහ ශබ්දය දකුණු පළාතේ බොහෝ ප්‍රදේශ වලට අසන්නට සහ දක්නට ලැබුණු බව තමන්ට වාර්තාවූ බවද ජයරත්න මහතා පැවසීය.